ජාතික හැඳුනුම්පත් පළාත් මටිටමින් නිකුත් කෙරේ

දැනට කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් නිකුත් කරන ජාතික හැඳුනුම්පත් පළාත් කාර්යාල මඟින් නිකුත් කිරීමට පියවර ගැනේ.

මේ අනුව දෙපාර්තමේන්තුවේ කුරුණෑගල, වව්නියාව, මඩකලපුව හා ගාල්ලේ පිහිටි පළාත් කාර්යාල මඟින් ආරම්භයේදී එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරගෙන යන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

දැනට සිදු කෙරෙන්නේ දිවයිනේ ප්‍රා‍දේශීය ලේකම් කාර්යාල හා පළාත් කාර්යාලවලට ලැබෙන ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ අයදුම්පත් දත්ත පද්ධතියට එකතු කොට දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල වෙත එවීම පමණි.

එහෙත් ඉදිරියේදී ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම පළාත් කාර්යාල වෙතින් සිදු කෙරෙනු ඇතැයි ද වියානි එ් මහතා පැවසීය.

මේ අතර 2019 දෙසැම්බරයේ පැවැත්වෙන අ.පො.ස. සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් ජාතික හැදුනුම්පත් සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය මාර්තු 31 බැවින් ඊට පෙර අයදුම්පත් එවන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Exit mobile version