මේ වන විට රට අනතුරේ බව විජිත් විජයමුණි කියයි

රට මේ වන විට අනතුරේ ඇති හෙයින් ජනපති, අගමැති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේය.

“වාහනයක් තිබෙනවා. දින 51 ආණ්ඩුවේදී ක්ලච් එක ගියා. දැන් අපි ක්ලච් එක හදා ගත්තා. ඝන අඳුරේ, ඝන මීදුමේ අපිට හපුතලේ කන්ද නඟින්න වෙලා තිබෙනවා. අපිට දැන් ප්‍රධාන ලාම්පු දෙකම එකපාර දැල්වෙන්න ඕන (ජනපති හා අගමැති). අවශ්‍යනම් ෆෝක් ලයිට් එකත් (විපක්ෂනායක) තිබෙනවා. ෆෝක් ලයිට් එක අවශ්‍ය වෙලාවට දාගන්න පුළුවන්. ” යැයි ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් පැවසීය.

Exit mobile version