වැස්ස නිසා ඩෙංගු නැවතත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ පවතින වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් ඩෙංගු උවදුර නැවතත් පැතීරිමේ අවධාවමක් අැති බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය, කෑගල්ල, යාපනය, මහනුවර, මඩකලපුව, මාතලේ යන දිස්ත්‍රික්ක තවදුරටත් අවදානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන අැති බවයි.

ඒ අනුව සියලුම රාජ්‍ය අායතන පරිශ්‍ර, පාසල් හා අාගමික ස්ථාන, නව ඉදිකිරීම් ස්ථාන අැතුළු ඩෙංගු රෝගීන් බෝවීම වැළැක්වීම සඳහා මදුරු කීටයන් බෝවන ස්ථාන හදුනාගෙන පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා අැත.

 

Exit mobile version