ජනපතිවරණ අපේක්ෂකයාගේ පක්ෂය මහින්ද කියයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයා ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඇඹිලිපිටිය නගරයේ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළේය

ඇඹිලිපිටිය නගරයේ ඉදිකළ නව සංචාරක හෝටලයක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් විවෘත කරනු ලැබුවේය.

මේ අතර තංගල්ල සදර්න් ලංකා පෞද්ගලික රෝහල විවෘත කිරීම අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් සිදුකෙරුණි.

Exit mobile version