මැද්දලන්දේ අනතුරකින් 3ක් මරුට

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේ අද(15) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙතු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙයි.

ත්‍රිරෝද රථයක් සහ නාවික හමුදා නිලධාරීන් ගමන් ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙක් බවට සඳහන් වෙයි.

Exit mobile version