හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් හුනෛස් නගර් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතුරතුරදි වල දමා තිබූ අන්තරාදායක මත්ද්‍රව්‍යයක් වන හෂීස් මත්කුඩු සොයාගෙන තිබේ.

හෂීස් මත්කුඩු කිලෝග්‍රෑම් 1 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති බවටයි සඳහන් වන්නේ.

සොයා ගන්නා ලද හෂීස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Exit mobile version