නවසීලන්තය තුළ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි භාවිතය තහනම්

නවසීලන්තය තුළ සියලුම වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි භාවිතය තහනම් කරන බව අග්‍රාමාත්‍ය ජෙසින්ඩා අර්ඩන් ප්‍රකාශ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නව නීති සංශෝධනය අප්‍රේල් මස 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාතවරිය සඳහන් කර තිබේ.

නවසීලන්තයේ සිදු වූ ත්‍රසත ප්‍රහාරයට සැකකරු භාවිත කළ වර්ගයේ ගිනිඅවි මෙම තහනමට ඇතුළත් වෙයි.

ගිනි අවි පිළිබඳ නීති සංශෝධනයට අදාළ යෝජනාව අප්‍රේල් මස පළමු සතියේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version