තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනේ

නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා නයිලෝන් වර්ගයේ තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ(24) මඩකළපුව කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර දී මෙම දැල් කිහිපය සොයාගෙන තිබේ.

ඒ අනුව, අඩි 150 දිගින් යුත් තහනම් දැල් 21 ක් සොයා ගෙන ඇත.

අදාල ධීවර දැල් ඉදිරි කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Exit mobile version