හමුදා නිලධාරියෙක් ගෙළ වැළලාගෙන මියයයි

කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු කඳවුරේ නේවාසිකාගාරයේ වහලයක ගැට ගැසූ ලණුවක ආධාරයෙන් ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 34 හැවිරිදි කුඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා නිළධාරියෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

සියදිවි හානි කර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කුරුවිට පොලිසිය සිදු කරයි.

Exit mobile version