මෙන්න අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ සුළු හැකියාවක් ද පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බටහිර දෙසින් හමන අතර දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශා වලින් හමයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. 10-25 පමණ වේ යැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version