ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ 2ක් අත්අඩංගුවට

මීටියාගොඩ, කිරලගහ ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන්ගෙන් එක් අයෙකුට හිමි වෙළඳසැලක සිට ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති අතර මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණි.

අදාළ වෙළඳසැල තුළ තිබී රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 13ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 53ක් සහ මුද්‍රණ යන්ත්‍රය ඇතුළු උපකරණ පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරුවන් අද(28) බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීටියාගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version