ජනපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාග ආවරණය කරන්න මාධ්‍යට අවසර දෙයි

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු ආවරණය කිරිමට ලබන අප්‍රේල් මස 01 වනදා සිට මාධ්‍ය ආයතන සඳහා අවසර ලබාදී ඇත.

2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දුෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිෂම පත් කරනු ලැබුවේය.

එම කොමිෂමට පැමිණිලි භාරගැනීම පසුගිය 19 වනදායි අවසන් වූ අතර කොමිසම සඳහා ඒ වන විට පැමිණිලි 1142ක් ලැබී තිබුණි.

Exit mobile version