මත්ද්‍රව්‍ය මැඩළීමේ යුද්ධය දරුණු මෙහෙයුමක්

අන්තරාදායක මත්ද්‍රව්‍ය මැඩළීමේ යුද්ධය දශක තුනක් පැවති සිවිල් යුද්ධය මැඩළීමට වඩා දරුණු මෙහෙයුමක් බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසා සිටියි.

ශ්‍රී ලංකා පොලීසියේ 82 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක් වෙමින් ආරක්ෂක ලේකම් වරයා මේ බව සඳහන් කළේය.

දින තුනක් පුරා පැවති ශ්‍රී ලංකා පොලීසියේ  82වන පොලිස් අන්තර් කොට්ඨාශ මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඊයේ (30) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Exit mobile version