කංසා ග්‍රෑම් 910 ක් සමඟ අයෙක් නාවික හමුදා අත්අඩංගුවට

ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ආරුගම්බේ, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ(31) පොතුවිල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කංසා ග්‍රෑම් 910 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා විකිණිම සඳහා කංසා ලඟ තබා ගෙන සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. එහිදී ඔහු සතුව තිබි ත්‍රිරෝද රථයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, කංසා ප්‍රමාණය සහ ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් ඉදිරි පරික්‍ෂණ කටයුතු ආරුගම්බේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් සිදු කරනු ලබයි.

Exit mobile version