දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

බිමතින් රිය පදවා රිය අනතුරක් සිදුකළ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නව ඇප මත මුදා හැරිමට කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න අද(01) නියෝග කළේය.

මෙහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

එමෙන්ම වෛද්‍ය පරික්ෂණයක් සදහා ඔහුව නුගේගොඩ පිහිටි ජාතික රථවාහන මධ්‍යස්ථානයේ වෛද්‍ය පරික්ෂණාගාරය වෙත යොමු කරන ලෙසද පොලිසියට නියෝග කර සිටියේය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නඩුව යළි මැයි 02 වැනිදාට කැඳවන ලෙසයි.

Exit mobile version