විශිෂ්ඨ ලෙස රාජකාරී කළ පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග

විශිෂ්ඨ ලෙස රාජකාරී ඉටු කළ පොලිස් නිලධාරීන් 854 දෙනෙකු සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මුදල් ත්‍යාග පිරිනමා ඇත.

ඊට අදාල උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති අතර මෙහිදී පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් පුරවැසියන් 06 දෙනෙකුට සහ වෙනත් නිලධාරීන් තිදෙනෙකුට ත්‍යාග පිරිනැමුණු බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එහිදී රුපියල් දෙකෝටි විසිලක්ෂ 64,500ක මුදලක් ත්‍යාග ලෙස ලබාදී ඇති අතර පොලිස්පති ප්‍රශංසා 431ක් සහ විශේෂ වැටුප් වර්ධක 9 ක් ලබාදීමද සිදුකර ඇත.

2017 වස‍රේ මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට දායක වූ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් එස්.ඩබ්ලිව්.ඩී. ප්‍රීසාත් මහතාට ද පොලිස්පතිවරයා විසින් ත්‍යාග මුදල් පිරිනැමීම මෙහි විශේෂ සිදුවීමක් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Exit mobile version