මෙන්න අද කාලගුණ තත්ත්වය

ඌව, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං ගිනිකොණ දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 15-25 පමණ විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version