බලපත්‍ර නොමැති ගිනි අවියක් සමඟ 3ක් මාට්ටු

හොරණ ප්‍රදේශයේදී බලපත්‍ර නොමැති ගිනි අවියක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ වැටලීමකදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී කැබ් රථයේ තිබී බලපත්‍ර නොමැති ගිනි අවියක්, සජීවි පතුරම් 05ක් සහ තහනම් පහියක් සොයා ගෙන ඇත.

සැකකරුවන් අද(04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන හොරණ පොලීසිය සිදු කරයි.

Exit mobile version