නීති විරෝධි පස් ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට

ආණමඩුව ඉහල දිවුල්වැව ඌත්තුව නෙළුව ප්‍රදේශයේ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය වැලි සහිත පස් කැපිමේ ජාවාරමක් වටලා තිබේ.

වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක එකකය විසින් අද(08) දින මෙම ජාවාරම වටලා සැකකරුවන් සහ යන්ත්‍ර සුත්‍ර ආණමඩුව පොලිසියට භාර දි තිබුණි.

මාසයකට වැඩි කාලයක් පුද්ගලික ඉඩමක කිසිඳු කැණිම් බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් තිබු මෙම ජාවාරම සඳහා විවිධ තරා තිරමේ පුද්ගලයින් හවුල් ව සිටි බවද වාර්තා වෙයි.

පස් කැපීම සඳහා යොදා ගන්නා මෝටර්ගෙටරයක් ටිපර් රථ තුනක් සහ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දංකොටුව, හලාවත, බිංගිරිය හා ආණමඩුව අවට පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

Exit mobile version