13, 14 සියලුම සුරාසැල් වැසේ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 13 සහ 14 දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසැල් වසා තබන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

අදාළ දිනවල නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් හා බලපත්‍ර කොන්දේසි කඩ කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගනු ලැබේ.

Exit mobile version