අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට විශේෂ නිවේදනයක්

අධිවේගී මාර්ගවල හුවමාරු මාධ්‍යස්ථාන ආශ්‍රිතව ඇතිවන වාහන තදබදය අවම කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශය පවසයි.

දෛනිකව 80,000ක්ව පැවැති වාහන භාවිතය උත්සව සමයේ එක්ලක්ෂ 10,000 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම රියදුරන්ගේ විඩාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ අනතුරු කිහිපයක් මේ වන විට වාර්තා වී ඇති අතර අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරිමේදී ඒ පිළිබඳව ද සැලකිලිමත් වන ලෙස මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version