වර්ෂාව සමඟ පැවති තද සුළං නිසා නිවාස 10කට හානි – ඡායාරූප

නෝර්වූඩ්, වෙන්චර් ප්‍රදේශය හරහා ඊයේ(11) පස්වරුවේ අධික වර්ෂාව සමඟ පැවති සුළං තත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ වතු නිවාස 10 ක සෙවිළි තහඩු ගැලවී යාම නිසා එම නිවාසවල පදිංචි වතු කම්කරුවෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

එම නිවාස වල පදිංචිකරුවන් මේ වන විට ඔවුන්ගේ නිවාසවලම තවමත් අසීරුවෙන් පදිංචිව සිටිති.

ඉදිරියටත් වැසි සහ සුළං සහිත කාළගුණයක් පැවතියහොත් තමන් අසීරුතාවට පත්වන බව එම ජනතාව පවසති.

Exit mobile version