අද,හෙට සුරාසැල් වැසේ – සුරාබදු නිළධාරින් 1200ක් සිරුවෙන්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) සහ හෙට (14) යන දෙදින තුළ දිවයින පුරා සියලු සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම දිනයන්හි නීති විරෝධි ලෙස මත්පැන් බෙදාහැරිම සහ විකිණිමේ නිරත සුරාබදු බලපත්‍රධාරින්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මෙම කාලය තුළ නීති විරෝධි මත්පැන් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනිම, හා ජාවාරම් කිරිම වැලැක්විම සදහා මෙන්ම නීති උල්ලංඝණය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සුරාබදු නිළධාරින්ට උපදෙස් ලබාදී ඇත.

ඒ සදහා දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු නිළධාරින් 1200ක් පමණ යොදවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Exit mobile version