භාණ්ඩ මිල ඉහළ යාමට හේතුව මහින්ද කියයි

ආණ්ඩුව අනවශ්‍ය ලෙස බදු අයකිරීම හේතුවෙන් මෙවර උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවට දරුණු පරාජයකට මුහුණදීමට සිදු වනු ඇති බවයි.

ඊයේ (15) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතීමට හිටපු රාජ්‍ය නිලධාරීන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව තංගල්ලේ කාල්ටන් නිවස වෙත  ඊයේ පැමිණ තිබේ.

ඒ අතර හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාද සිටියේය.

Exit mobile version