ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය හෙට ඇරඹේ

ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය හෙට(21) කටාර් හිදී ආරම්භ වීමට නියමිතයි.

රටවල් 63ක සහභාගීත්වයෙන් තරඟාවලිය ලබන 24 වන දින දක්වා පැවැත්වෙයි.

ශ්‍රි ලංකාව නියෝජනය කරමින් තරඟාවලියට සහභාගීවීම සඳහා හිමාලි ලියනාරච්චිගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනෙන් පිටත් විය.

1973 වසරේ ආරම්භ වූ ආසියා මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 19 ක් රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 19 ක් දිනා ගෙන තිබේ.

Exit mobile version