දිවයින පුරා පිිපිරීම් 5ක්

 

අද උදෑසන 8.30ට පමණ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානයේ පිපිරීමක් සිදු වී ඇත.

පිපිරීමෙන් පදුගලයින් 80ක් පමණ තුවාල ලබා ඇති බවට වාර්තාවේ.

මේ වනවිට තුවාල කරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරමින් සිටින අතර තුවාල කරුවන් 50ක් පමණ මේ වනවිට රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

කොළඹ ශාන්ත අන්තෝනි දේවාස්ථානයේ පිපිරීමට අමතරව මීගමුව කටුවාපිටිය දේවස්තානයේද පිපිරීමක් සිදුව ඇති අතර කොළඹ, ෂැන්ගිලා හෝටල් පර්ශයේ 3 වැනි මහලේද පිපිරීමක් සිදුව විදේශිකයින් ඇතුළු සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ එමෙන්ම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේද මඩකලපුවේ දේවස්තානයකද මෙවැනිම පිපිරීම් සිදුව ඇතැයි වාර්තාවේ.

මේ අනුව මේ වනවිට පිපිරීම් 5ක් වාර්තාවී ඇත.

Exit mobile version