පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කරන වෑන් රථයක් අත්අඩංගුවට

අද(21) සිදුවූ පිපිරීම් සඳහා කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කටයුතු සඳහා භාවිත කළ බව කියන පානදුර උතුර පොලිස් වසමේ සරික්කල මුල්ල ප්‍රදේශයේ නිවසක් පිළිබඳවත් තොරතුරු තහවුරු කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version