ගුවන් මගීන්ට අවශ්‍ය තොරතුරු දැනගන්න හදිසි දුරකථන අංකයක්

කටුනායක හා මත්තල ගුවන්තොටුපල වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ පහසුව සඳහා තොරතුරු දැනගැනීමට හදිසි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

අද (21) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති නිල මාධ්‍ය හමුවේ දී පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව අනාවරණය විය.

ඒ අනුව ගුවන් මඟීන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට 116 දුරකතන අංකය ඔස්සේ ඇමතිය හැකි බව ද ගුවන් හමුදාව සඳහන් කළේය.

ගුවන්තොටුපල ආරක්ෂාව තරකිරීමට කටයුතු කර තිබේ.

ගුවන්තොටුපලට පැමිණෙන මඟින්ට තම ගුවන් බලපත්‍රය හා ටිකට් පත ආරක්ෂක අංශ වෙත පෙන්වා පැමිනීමට හැකි බවද  පැය තුන හමාවරකට වත් පෙර ගුවන් තොටුපල වෙත පැමිණෙන ලෙස ද ගුවන් හමුදාව ගුවන් මඟීන්ගෙන් ඉල්ලීමක් කළේය.

Exit mobile version