එළඹෙන බදාදා ශෝක දිනයක් කළ යුතුයි – සේනාධිරාජා

ඊයේ (21) දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ඇති වී ඇති ඛේදජනක තත්ත්වය මත එළඹෙන 24 දින එනම් බදාදා දිනය ජාතික ශෝක දිනයක් බවට පත් කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සභාපති මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කර ඇත.

විශේෂ නිවේදනයක් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති අතර සිදුවීම වීමට පෙර ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට අසමත් වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

එසේම සිද්ධියෙන් ජීවිත රැසක් අහිමි වීම පිළිබඳ තමන් දැඩි ශෝකය ප්‍රකාශ කරන බවත් අදාළ සිදුවීම තමත් දැඩි ලෙස හෙළා දකින බවත් මාවෙයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Exit mobile version