විභාග දෙකක් කල් දමයි

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මඟින් පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය හා වෛද්‍ය නිලධාරීන්ගේ දෙපාර්තමේන්තු විභාගය කල් දමා තිබේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛදය අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ නැවත එම විභාග පවත්වනු ලබන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවයි.

මේ දිනවල දිවයින තුළ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් මෙම මස 27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල් දමා ඇත.

Exit mobile version