මගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළෙන් පහරදීම ඉක්මන් වුණා

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් අයි.එස්. සංවිධානය ලංකාව තුළ සිදුකළ ප්‍රහාරය ඉක්මන් වෙන්න හේතුවක් විය හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ජනපතවරයා මේ බව සඳහන් කළේය.

“ලෝකයේ ආගමික අන්තවාදය හා මත්ද්‍රව්‍ය වෙළඳාම අතර දැඩි සම්බන්ධතාවක් තිබෙනවා. ආගමික අන්තවාදයත් ජාත්‍යන්තර නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමත්, ජාත්‍යන්තර යුද අවි ජාවාරමත් එකට යන ජාවාරම්.

මත්ද්‍රව්‍ය හා ත්‍රස්තවාදය අතර තිබෙන්නේ දැඩි බැඳීමක්. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රභල ආදායමක්  වුණේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම.

ඇතැම්විට අයිසීස් සංවිධානය මේ ප්‍රහාරය ඔවුන්ගේ අරමුණු අනුව අනිත් රටවලට පහර දීම ගැන හිතලා ලංකාවටත් පහර දෙන්න ඇති. නමුත් ඒ පහරදීම මගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ නිසා ඉක්මන් වුණා වෙන්නත් පුළුවන්”

Exit mobile version