උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයින හරහා, විශේෂයෙන්ම සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පෙන්වා දෙයි.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Exit mobile version