පූර්ණ බලැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ?

පූර්ණ බලැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවිමට කටයුතු කරන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජිවනය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) රැස්වූ අතර එහිදී කථානායක කරූ ජයසූරිය මහතා මේ බව කියා සිටියේය.

ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනය පළුදු වන ආකාරයෙන් මෑතකාලීනව සිදුවූ  සිදුවීම් හඳුනාගැනීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ රැස්වුණේ මහා සංඝ රත්නය ජූජකවරුන් සහ දේශපාලනික ප්‍රභූන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්.

Exit mobile version