මස්කෙලියේ පල්ලියක තිබූ පිහි 49 ක් අත්අඩංගුවට

මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදැසන සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් පොලිසියේ භාරයට ගෙන ඇත.

මේ දිනවල දිවයින පුරා සිදු කරන සොදිසි මෙහෙයුම්වලට සමගාමිව අද උදැසන පොලිස් නිලධාරින් විසින් මස්කෙලිය පල්ලියේ ගබඩා කාමරය සෝදිසි කර ඇත.

එහිදි පිහි 49සහ පොරො තුනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගබඩා කාමරයේ පිහි 49 ක් සහ පොරො තුනක්  තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කිරිමට එම ගබඩාවේ භාරකරු අසමත් විම නිසා එම ගබඩා භාරකරුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අගල් 9 සිට අගල් 12 දක්වා වු පිහි 49 ක් සහ පොරො තුන පොලිස් භාරයට ගෙන තිබේ.

Exit mobile version