Home දේශීය පුවත් වවුනියාවෙන් සැකකටයුතු පුද්ගලයන් 10ක් අත්අඩංගුවට

වවුනියාවෙන් සැකකටයුතු පුද්ගලයන් 10ක් අත්අඩංගුවට

0
වවුනියාවෙන් සැකකටයුතු පුද්ගලයන් 10ක් අත්අඩංගුවට

සැකකටයුතු පුද්ගලයින් දස දෙනෙකු අද (27) දහවල් වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ පොලිස් හා යුධ හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරු මත වවුනියාව නගරයේදී  එලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ව්‍යාපාරිකයින් ලෙස පැමිණි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අංශ ‍සෝදිසි කිරීම් හේතුවෙන් වවුනියාව නුවර මාර්ගය,වවුනියාව මන්නාරම මාර්ගය හා වවුනියාව නගරයේ බසාර් විදීය ඇතුළු ප්‍රදේශ රැසක් වසා දමා තිබිණ.

අත්අඩංගුවට ගත් පිරිස වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version