වව්නියාවෙන් සැක සහිත බෑගයක් හමුවෙයි

වව්නියාව, නුවර පාර ශාන්ත‍සෝලෙයි ප්‍රදේශයේ බස් නැවතුම් පොළක තිබු සැක සහිත බෑගයක් හේතුවෙන් වව්නියාව ප්‍රදේ‍ශයේ නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.

ඊයේ(29) දහවල් වව්නියාව ශාන්තසෝලෙයි බස් නැවතුම්පොළක සැක සහිත බෑගයක් පවතින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් අදාළ ප්‍රදේශයේ දැඩි සෝදිසි කිරීමක් සිදුකරනු ලැබීය.

සෝදිසි කිරීමේදී ආරක්ෂක අනාවරණය කරගනු ලැබුවේ අදාළ බෑගය තුළ ඇඳුම් පමණක් පැවති අතර, කිසිවෙකු පුද්ගලයෙකු සිය බෑගය අමතක කොට ගොස් තිබු බවයි.

අනතුරුව බෑගයේ හිමිකරුවද ඕමන්ත ප්‍රදේශය දක්වා ගොස් නැවත බෑගය සොයා පැමිණි බවද ආරක්ෂක අංශ පැවසූහ.

ආරක්ෂක අංශ එහිදි පැවසුවේ පවතින වාතාවරණය හමුවේ බෑග් ආදිය අමත‍ක කොට නොයන ලෙසයි.

Exit mobile version