නීති කඩ කළ ඉන්දීය ජාතිකයින් 108ක් අල්ලයි

ආගමන විගමන නීති උල්ලංඝණය කළ ඉන්දීය ජාතිකයින් 108 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අලුත්ගම සහ බෙන්තර යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සංචාරක වීසා මස මෙරට රැඳී සිටිමින් මොවුන් ඉදි කිරීම් අංශවල සේවයේ නිරතව සිට ඇති බවයි වාර්තා වෙයි.

ඔවුන් අතුරින් හතලිස් දෙදෙනෙකු වීසා කාලය ඉකුත් වී මෙරට තුළ රැදී සිට ඇති බවට අනාවරණය වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා සිටියි.

ඔවුන් හෙට දිනයේ මෙරටින් පිටුවල් කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.

සෙසු හය දෙනාට ද මෙරටින් පිටවන ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇති මොවුන් මේ වන විට මිරිහාන විශේෂ රැදවුම් මධයස්ථානයේ රඳවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Exit mobile version