හෙට අනිද්දා තව පිපිරිම් වෙන්න පුළුවන් ?

වත්මන් ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසයක් නොමැති බවත්, හෙට සහ අනිද්දා යන දිනයන්හි තවත් පිපිරිම් විමට ඉඩ තිබෙන බව තමන් හට දැනුම් දුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

වැඩ්දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රටේ ආරක්ෂක තත්ත්වය මේ වන විට යහපත් අතට පත්වෙමින් පවතින බව බවයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව කෙරෙහි දැඩි විශ්වාසයකින් ජනතාව තුළ පවතින බවයි.

අපවත් වී වදාල පුජ්‍ය අලුත් නුවර සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

Exit mobile version