පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අද හා හෙට

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අද(07) සහ හෙට(08) කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ විවාදය සිදුකිරීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ(06) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පවත්වනු ලැබීය.

එහිදී පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ‍මේ බව පැවසීය.

නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 89 දෙනෙකුගෙන් අත්සනින් යුත් ලිපියක් අග්‍රාමාත්‍යවරයාට මෙහිදි භාරදුන් බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

Exit mobile version