මන්නාරමේ ගෙවත්තකින් මෝටාර් බෝම්බ ඇසුරුම් සොයාගැනේ

මන්නාරම, එළුත්තූර්, පෙරියගමම් ප්‍රදේශයේ ‍‍ගෙවත්තක් තුළ තිබි මෝටාර් බෝම්බ දමන ඇසුරුම් හයක් අද(07) උදෑසන සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අදාළ බෝම්බ ඇසුරුම් තොගය සොයාගැනීමට හැකිවු බවයි පොලීසිය පැවසූවේ.

අදාළ ස්ථානයේ තවත් පුපුරණ ද්‍රව්‍ය පවතින්නේද යන්න සොයා පරීක්ෂා කළ බවද පොලීසිය පැවසීය.

එහෙත් අදාළ ස්ථානයේ වෙනත් පුපුරණ ද්‍රව්‍ය නොතිබු අතර, යුද සමයේ අදාළ ප්‍රදේශයේ තුළ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් සිදුව ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ.

මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version