රොටුඹ අමිල යළි රිමාන්ඩ්

ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ සැකකරු මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි හමුවට අද(07) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබිය.

 

Exit mobile version