පස් කණ්ඩියකට යටවී 2ක් ජිවිතක්ෂයට

පේරාදෙණිය, රණබිම, ගන්නෝරුව ප්‍රදේශයේදී පස් කණ්ඩියකට යටවිමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.

නිවසක අත්තිවාරමක් කපමින් සිටියදී අදාල පුද්ගලයින් දෙදෙනා මතට පස් කණ්ඩිය කඩා වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ 62 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

පෙරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version