ලංගමට ලේලන්ඩ් බස් 272ක් ගන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත ආසන 50කින් යුත් පසුපස උස් ඇන්ද සහිත බස් රථ 272ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලස ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේහයමත වසර පහකින් ගෙවිය යුතු කල්බදු පදනම යටතේ රුපියල් මිලියන 3264ක මුදලකට සීමා සහිත ලංකා අශෝක් ලේලන්ඩ් පොදු සමාගම වෙත පිරිනමා තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Exit mobile version