ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් කරන්දෙණියේ දී අල්ලයි

කරන්දෙණිය පොලිස් වසමේ දී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කරන්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු වයස අවුරුදු 37ක් වු කිරිවත්ත කරන්දෙණිය පදිංචිකරුවෙක්.

සැකකරුට විවිධ අධිකරණවලට වරෙන්තු නිකුත්ව ඇති බවත් අනාවරණය වී ඇත.

අද(09) සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version