ගම්මන්පිල පාර්ලිමේන්තුවට හෙළිදරව්වක් කරයි

අමෙරිකානු තානාපති කාර්යාලයේ නිළධාරියෙකු මෙරට අධිකරණ පද්ධතියට බලපෑම් එල්ල කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියි.

මෙරට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් 09 දෙනෙකු වෙනුවෙන් මුදල් විශූද්ධිකරණය සම්බන්ධයෙන් අමෙරිකාවේ පැවැති වැඩමුළුවක් අතරවාරයේදී තානාපති කාර්යාල නිළධාරියෙකු විසින් විනිසුරුවරුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලින් එය පැහැදිලි වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version