ලංකා ගුරු සංගමයෙන් නිවේදනයක්

රටේ ඇතිව තිබෙන වාතාවරණය තුළ මැයි 06 දින දෙවන පාසල් වාරය සඳහා පාසල් ආරම්භ කළ ද පාසල්වල දරුවන්ගේ පැමිණීම තවමත් සාමාන්‍ය තත්ත්වයට පැමිණ නැති බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

පාසල් ආරම්භ වී දින 4ක් ගෙවී ගියද අද (09) දින ද කොළඹ මෙන්ම අනෙකුත් ප‍්‍රදේශවල ද පාසල් ළමුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පවතින බවත් මීට හේතු වී ඇත්තේ ට දරුවන් පාසල් එවීම සම්බන්ධයෙන් දෙමාපියන් තුළ විශ්වාසය තහවුරු කිරීමට නොහැකි වී තිබීම බවත් එම සංගමය ප්‍රකාශ කර සිටියි.

මේ අවස්ථාවේ වැදගත් වන්නේ ලක්ෂ 43 ක් පමණ වන පාසල් දරුවන්ගේ දෙමාපියන් දරුවන් පාසල් එවීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක සිටියදී ඔවුන්ගේ තැතිගැනීම දුරුකර දරුවන් පාසල් ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කිරීම බවත් එසේ නොකොට අධ්‍යාපන ඇමතිවරයාගේ ඵලදායී නොවන ව්‍යාපෘති වලට කාලය යොමු කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් මාධ්‍ය නිවේදනයෙහි සඳහන්ය.

ආණ්ඩුවේ විවිධ පාර්ශව විවිධ ප‍්‍රකාශ කරමින් දෙමාපියන් තුළ ව්‍යාකූලතාවයක් නිර්මාණය කිරීම වෙනුවට සිදුකළ යුත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන්ට පිළිගත හැකි සහතිකයක් වහාම ලබා දීම බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත

Exit mobile version