බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව අරක්කු බෝතල් 19 ක් ත්‍රීවීල් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් මස්කෙළිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.

මස්කෙළිය පොලිස් වසමට අයත්, සාමිමලේ සිට ස්කාබ්රෝ 5 කොටස බලා මෙම අරක්කු තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

අරක්කු තොගය සමඟ සැකකරු හා ත්‍රීවීල් රථය අද(16) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව මස්කෙළිය පොලීසිය පවසයි.

මස්කෙළිය පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version