කුඩුත් එක්ක කතක් අත්අඩංගුවට

අනුරාධපුර පොලිස් වසමේ නව බස් නැවතුම් පොල අසල දී හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 700 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ(19) සවස මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී හෙරොයින් සන්තකයේ තබා ගෙන සිටි වයස අවුරුදු 41 ක් වු මොර‍ගොඩ, තලාව ප්‍රදේශයේ කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකාරිය අද(20) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ‍අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version