රජය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා – අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

රජය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා වගේම අධ්‍යාපනයට නිඳහස ශක්තිමත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය වැයශීර්ෂ අද (21) පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

උසස් අධ්‍යාපනය ප්‍රමිති මැනීමේ ආයතනයට ලක්ෂ 250ක් වෙන් කර තිබෙනවා. විශ්වවිද්‍යල සිසුන්ට රක්ෂණයට ලක්ෂ 1100ක් වෙන් කර තිබෙනවා. රැකියාවක් අවශ්‍යයි. ජර්මනිය ස්විට්සර්ලන්තය යන රටවල තාක්ෂණික සහාය ඇතිව නුවර, ත්‍රිකුණාමලය, රත්නපුර, අනුරාධපුරයේ, තාක්ෂණික විදුහල් ආරම්භ කරනවා. තාක්ෂණ, ඉංජිනෙරු අංශවලට යන්න අවස්ථාව සළසනවා. දරුවන්ගේ යහපත සඳහා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා වගේම අධ්‍යාපනයට නිඳහසත් ශක්තිමත් කරන රජයක් යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Exit mobile version