වන අලි පහර දීමකින් තිදරු පියෙක්ට දිවි අහිමි වෙයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඌව කුඩාඔය යෞවන කුමාරපුර ප්‍රදේශයේ දී වන අලි පහරදීමකින් තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන බවට වාර්තා වෙයි.

ඊයේ(21) රාත්‍රි කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා රාත්‍රී මුරට පා පැදියෙන් ගමන් කරමින් සිටින අතර මෙම අලි පහර දීම සිදු වී ඇත.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයකු බව කුඩාඔය පොලීසිය සඳහන් කරයි.

Exit mobile version